මොකද්ද මේ කී හෙල්ප් කියන්නෙ?
යුනිකේත නොවන සිංහල Font වලින් වැඩ කරන අය දන්නවා අතිරේක මෘදුකාංගයක සහය
නැතිව සිංහල ටයිප් කරන එක අමාරු වැඩක් බව. "වි" "දු"
"රි" වගේ බොහොමයක් අක්ෂර නිවැරදිව ටයිප් කරන්න සෑහෙන වෙහෙසක් ගන්න ඕනෙ. ඒ අපහසුතාව නැති කරන්න
නිර්මාණය කරපු මෘදුකාංගයක් තමයි කීහෙල්ප් කියන්නෙ.
මේ වර්ගයේ වෙනත් විකල්ප කිහිපයක් තිබුනත්
ඒවා බොහොමයක් මිලදී ගත යුතු අතර අලුත් ම වින්ඩෝස් සංස්කරණ සඳහා
හොඳින් සහාය දක්වන්නෙ නෑ.
කාටද මේක වැදගත්?
Desktop publishing, Photo Editing, කරන අයට ෆේස්බුක් වල ඉමේජ් පෝස්ට් හදන අයට වගේම, සිංහල Font භාවිතා කරන ඕනෑම කෙනෙක්ට මේක බෙහෙවින් ප්‍රයෝජනවත්
ඇයි වර්ෂන් ටූ?
පළමු සංස්කරණයෙන් වසරකට පසුව දෙවැනි
සංස්කරණයක් නිකුත් කරන්න ප්‍රධාන හේතුව නම් අලුතින් එකතු කරන ලද සඤ්ඤක
අකුරු නිවැරදි කරණ පහසුකම. (මේ සඳහා ඔබ settings තුලට පිවිස Nasalised යන්න සක්‍රීය කල යුතුයි.) සාමාන්‍යයෙන් සඤ්ඤක අකුර අකුරු දෙකක්
ලෙස ටයිප් උනත් මේ පහසුකම හරහා එය තනි අකුරක් බවට පත් වෙනවා.
කීයද ගාන?
මෘදුකාංගය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්නෙ.
කොහොමද ගන්නෙ?
මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න.
ඔබටත් කල හැකි යමක් තිබේද?
ඔව් අනිවාර්යයෙන්ම. කී හෙලප් ගැන
නොදන්න අයට ඒ ගැන දැනුම් දෙන්න ඔයාලට පුළුවන් සහය වෙන්න. කී හෙල්ප් වගේම
ඉදිරියේදි නිකුත් කරන්න බලාපොරොත්තුව සිටින සිංහල අකුරු සම්බන්ධ මෘදුකාංග ඉක්මනින්
නිර්මාණය කරන්නත් මේ උදව්ව රුකුලක් වේවි. ෆේස්බුක් හරහා, ඔබේ
බ්ලොග් පිටුව හරහා හැකි නම් මේ ගැන පුංචි සඳහනක් කරන්න.