අන්තර්ජාලයෙන්
විවිධ මෘදුකාංග Download කර Install කරන විට ඒත් සමඟ විවිධාකාර Adware පරිගණකයට Install වීම සිදුවිය හැකි දෙයක්. ඉතා හොඳ අවධානයෙන් අදාළ Install කිරීම සිදු නොකලොත් ඔබටත් නොදැනීම තවත් Software කිහිපයක් Install වී තිබෙනු දැකගත හැකියි. එපමණක් නොවෙයි වෙබ් බ්‍රවුසරයේ
homepage (Google or
Bing)
එක වෙනස් වෙයි.
අන්තර්ජාල
වේගය අඩාල වෙයි. විවිධාකාරයේ පොප්-අප් මැසේජස් දිස් වෙයි. බ්‍රවුසරයට විවිධ ටූල්
බාර් එකතු වී තිබෙයි.
මෙලෙස
ස්ථාපිත (Installed) වූ ඇඩ්වෙයා ඉවත් කිරීම තරමක් අසීරුයි. එනිසා
මෘදුකාංග Install කිරීමේදී ඉතා සැලකිල්ලෙන් කල යුතුයි. ප්‍රති-වයිරස
මෘදුකාංගයක් පිහිටුවා තිබුණද බොහෝ ඇඩ්වෙයා බාධාවකින් තොරව ස්ථාපනය වෙයි.
පහතින්
ඇත්තේ μTorrent ටොරන්ට් ක්ලයන්ට් එකෙහි Setup wizard එකයි. හොඳින් බලන්න මේ තිබෙන්නේ μTorrent හි License Agreement එක නොවෙයි.
මෙහි ඔබ එකඟ වී ඇත්තේ SHAREit
නම් වෙනත්
මෘදුකාංගයකුත් ස්ථාපනය කිරීමටයි. මෙය ස්ථාපනය නොවීමට නම් I do not accept තේරීම අනිවාර්යයි.
දැනටමත්
ඔබ කරදරකාර ඇඩ්වෙයා වලින් වද විඳින්නෙක් නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
-
Control Panel > Uninstall or Change Program වෙත ගොස් ඔබ නොදැන ස්ථාපිත වූ මෘදුකාංග සියල්ල Uninstall කරන්න.
-
AdwCleaner මෘදුකාංගය ස්ථාපනය කර ක්‍රියාත්මක කරන්න.
-
Scan කරන්න. Scan වී අවසන් වූ පසු Clean කරන්න.
-
පරිගණකය Restart කරන්න.
AdwCleaner නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් වන අතර ඉහත සබැඳියෙන් හෝ www.toolslib.net වෙබ් අඩවියෙන් Download කරගත හැකිය.