මේක හුඟක්ම ෆොටෝ එඩිටින් කරන අයට පහසුවක් වේවි. ඉමේජ් ෆයිල් එකක් උඩ රයිට් ක්ලික් කරපුවම එන මෙනු එකේ තිබෙන Edit ක්ලික් කලවිට MS Paint වලින් ඒ ඉමේජ් එක ඕපන් වීමයි සාමාන්‍ය විදිය. ඒ වෙනුවට ඇඩෝබි ෆොටෝෂොප් වලින් ඒ ඉමේජ් එක ඕපන් වෙන්න හදාගන්න හැටියි අද මම කියන්න හදන්නේ.
මේකට අපිට වින්ඩෝස් රෙජිස්ට්‍රියෙ පුංචි අප්ඩේට් කිරීමක් කරන්න වෙනවා. Win key + R ප්‍රෙස් කරලා Run Dialog එක අරගෙන regedit කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. දැන් පහත පෙනෙනවා වගේ රෙජිස්ට්ර් එඩිටර් එක ඕපන් වෙයි.
දැන් පහත සඳහන් වෙන පාත් එකට යන්න ඕනෙ.
Computer\HKEY_CLASSES_ROOT\SystemFileAssociations\image\shell\edit\command
නිවැරදි තැනට ගියවිට දකුණු පැත්තෙ Default කියල value එකක් දකින්න ලැබෙයි ඒක ඩබල් ක්ලික් කරන්න. එවිට ලැබෙන ඩයලොග් බොක්ස් එකේ %systemroot%\system32\mspaint.exe” “%1 ලෙස තිබෙනු දකින්න ලැබේවි. එය සම්පූර්ණයෙන්ම මකා දමා ඔබේ පරිගණකයේ ෆොටෝෂොප් ස්ථාපිතව ඇති ලිපිනය අගට "%1" එකුතු කර ලබා දෙන්න. පහත උදාහරණය බලන්න.
"C:\Program Files\Adobe\Adobe Photoshop CC 2015\Photoshop.exe" "%1"
රෙජිස්ට්ර් එඩිටරය ක්ලෝස් කරන්න. දැන් ඔබ ඉමේජ් ෆයිල් එකක් මත රයිට් ක්ලික් කර එඩිට් තේරූ විට අදාල ඉමේජ් ෆයිල් එක ෆොටෝෂොප් වලින් ඕපනු වෙනු ඇත.