• Home

Yo | යෝ

  • Home
Home » Unlabelled » රයිට් ක්ලික් - එඩිට් මෙනුවෙන් MS Paint වෙනුවට ෆොටෝෂොප් ඕපන් කරමු.

රයිට් ක්ලික් - එඩිට් මෙනුවෙන් MS Paint වෙනුවට ෆොටෝෂොප් ඕපන් කරමු.


Adobe Photoshop CC 2015

මේක හුඟක්ම ෆොටෝ එඩිටින් කරන අයට පහසුවක් වේවි. ඉමේජ් ෆයිල් එකක් උඩ රයිට් ක්ලික් කරපුවම එන මෙනු එකේ තිබෙන Edit ක්ලික් කලවිට MS Paint වලින් ඒ ඉමේජ් එක ඕපන් වීමයි සාමාන්‍ය විදිය. ඒ වෙනුවට ඇඩෝබි ෆොටෝෂොප් වලින් ඒ ඉමේජ් එක ඕපන් වෙන්න හදාගන්න හැටියි අද මම කියන්න හදන්නේ.



මේකට අපිට වින්ඩෝස් රෙජිස්ට්‍රියෙ පුංචි අප්ඩේට් කිරීමක් කරන්න වෙනවා. Win key + R ප්‍රෙස් කරලා Run Dialog එක අරගෙන regedit කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. දැන් පහත පෙනෙනවා වගේ රෙජිස්ට්‍ර් එඩිටර් එක ඕපන් වෙයි.

 


දැන් පහත සඳහන් වෙන පාත් එකට යන්න ඕනෙ.

Computer\HKEY_CLASSES_ROOT\SystemFileAssociations\image\shell\edit\command

නිවැරදි තැනට ගියවිට දකුණු පැත්තෙ Default කියල value එකක් දකින්න ලැබෙයි ඒක ඩබල් ක්ලික් කරන්න. එවිට ලැබෙන ඩයලොග් බොක්ස් එකේ %systemroot%\system32\mspaint.exe” “%1 ලෙස තිබෙනු දකින්න ලැබේවි. එය සම්පූර්ණයෙන්ම මකා දමා ඔබේ පරිගණකයේ ෆොටෝෂොප් ස්ථාපිතව ඇති ලිපිනය අගට  "%1" එකුතු කර ලබා දෙන්න. පහත උදාහරණය බලන්න.

"C:\Program Files\Adobe\Adobe Photoshop CC 2015\Photoshop.exe" "%1"
 
 
රෙජිස්ට්‍ර් එඩිටරය ක්ලෝස් කරන්න.  දැන් ඔබ ඉමේජ් ෆයිල් එකක් මත රයිට් ක්ලික් කර එඩිට් තේරූ විට අදාල ඉමේජ් ෆයිල් එක ෆොටෝෂොප් වලින් ඕපනු වෙනු ඇත.
 

Share

Share to

Facebook Google+ Twitter Digg
Related article
at 2:36 PM

1 comments:

avatar
Balas
Unknown delete September 12, 2015 at 2:15 AM

දිගට ම ලියමු.. සින්ඩියට දැම්මා.....

http://kurutugegeepawra1.blogspot.com/

Newer Post Older Post Home
Powered by Blogger.

About Me

My photo
ට්‍රෝජා
View my complete profile

Followers

Follow Us

Business

Popular Posts

  • Sinhala Keyhelp පහසුවෙන් සිංහල ටයිප් කරමු.
    මොකද්ද මේ කී හෙල්ප් කියන්නෙ ?‍ යුනිකේත නොවන සිංහල Font වලින් වැඩ කරන අය දන්නවා අතිරේක මෘදුකාංගයක සහය නැතිව සිංහල ටයිප් කරන එක අමාරු වැ...
  • රයිට් ක්ලික් - එඩිට් මෙනුවෙන් MS Paint වෙනුවට ෆොටෝෂොප් ඕපන් කරමු.
    මේක හුඟක්ම ෆොටෝ එඩිටින් කරන අයට පහසුවක් වේවි. ඉමේජ් ෆයිල් එකක් උඩ රයිට් ක්ලික් කරපුවම එන මෙනු එකේ තිබෙන Edit ක්ලික් කලවිට MS Paint වලින්...
  • How to Remove Adware | කරදරකාර ඇඩ්වෙයා අයින් කරමු.
    අන්තර්ජාලයෙන් විවිධ මෘදුකාංග Download කර Install කරන විට ඒත් සමඟ විවිධාකාර Adware පරිගණකයට Install වීම සිදුවිය හැකි දෙයක්. ඉතා හොඳ අවධා...

Find Us On Facebook

Featured Video

Blog Archive

  • ▼  2015 (3)
    • ►  September (1)
    • ▼  August (2)
      • රයිට් ක්ලික් - එඩිට් මෙනුවෙන් MS Paint වෙනුවට ෆොටෝ...
      • How to Remove Adware | කරදරකාර ඇඩ්වෙයා අයින් කරමු.

About

Copyright Yo | යෝ 2015